මෙම කොස් කොත්තු පැකට්ටුවක් දෙදෙනෙකු සඳහා හොදින් සෑහේ.
පළමුව කළ යුත්තේ කොස් කොත්තු පැකට්ටුවේ ඇති කොත්තු ගෙන ඇල් වතුරෙන් හොඳට සෝදා ගැනීමයි.
පසුව උණු වතුර භාජනයකට කොස් කොත්තු ටික දමා විනාඩි 15ක් 20ක් පමණ තම්බා ගන්න.
පිරිසිදු පොල් තෙල් තේ හැඳි 2කට ඉගුරු සුදුළූණු දමා හොඳින් කලවම් කරගන්න.
තම්බා ගත් කොත්තු වලට කැරට්, ලීක්ස්, හීනියට ලියාගෙන (ග්‍රෑම් 100ක්) එයට කරපිංචා, රම්පේ, කුරුඳු, දමා හොඳින් තෙම්පරාදු කරගන්න.
අවසානයේ අමු මිරිස් දමා විනාඩි 10-15 පමණ උයාගෙන ආහාරයට ගන්න.(මස් මාළු අවශ්‍ය අයට ඒවා එක කර ගත හැක.)